Thursday, August 7, 2008

ජංගම දුරකථන

මේ දවස්වල ජංගම දුරකථන සමාගම් හැම එකක්ම වගේ අලුත්-අලුත් දීම‍නා දෙනවා,
කවදාවත්ම නැති තරමට. මට නම් හතෙන්නෙ අලුතෙන් එන ජංගම දුරකථන සමාගම
තමන්ගෙ ව්‍යාපාර කටයුතු ලගදිම ආරම්හ කරයි කියල. එයට මුහුණ දිමට තමයි මේ අය
සූසානම් වෙන්නෙ.

මොකද ඒ ගැන හිතන්නෙ.....?

මම,
එදිරි

3 comments:

Anonymous said...

ඔය සමාගම් පැල් බැඳගෙන දීමනා දුන්නට ඒවගෙන් අපට වාසියක් නෑ. (වාසි කියල පිටින් පේනවා විතරයි)වාසි තිබ්බත් තියෙන්නේ බොහොම සුළු පිරිසකට.
දැනට සිම් කීපයක් තියන් ඉන්න අය අළුත් සමාගමේ සිම් එකකුත් නොගෙන ඉඳිවි කියල හිතනවද?

කාලිංග said...

මටනම් මතකයි ඔය සෙල්ටෙල් හා කෝල්ලින්ක් රජ කරපු කාලේ මගේ සෙල්ටෙල් එක, අමෝ කෝල් එකක් එනකොටත් බයයි. ඒකට දැන්නම් ඒවා ගානක් නෑනේ... මොකද එන ඇමුතුම් ගොඩක් ඒවාගේ නොමිලේ... ඊට පසුව මෝබිටෙල් ගෙනාපු විනාඩියක් නොමිලේ ලයින් ගන්න මට මතකයි මිනිස්සු, ලයින් එක රු.10,000 ටත් විකුනුවා.

ඒකට දැන්... එන්න එන්න මේක අඩුවෙනවා කියන එක තමයි මගේ අදහස... තව සමාගම් එන්න එන්න ඒකා පාරිබෝගිකයාට හොදයි.

Danishka said...

ඔය අලුතින් එන සමාගමේ සේවාව දන්නෝ දනිති.
එම සමාගමේ සෙවාවන් මම පසුගිය වසර පුරාවට භාවිතා කළත් ලංකාවේ සෙවාවන් වලට වැඩි වෙනසක් නැ..

මගේ යාලුවට IDD දාගන්න දවස් දෙකක් ගියා :D

කොහොමත් අපේ අයට පිටරටින් එන ඒවා හරි ලොකුයි නේ ;-)